Monday, May 9, 2016

වෙසක්




සවු කොලේ ගිනිගනී
ඇගේ හිත වගේ
සුලඟ සමග තරහ වී
අටපට්ටම ඇවිස්සුවාට
ඉටිපන්දම පෙරලා
කූඩුව පිච්චුවාට


පන්දම දැල් වෙයි
සුදු තිරය පිටුපස
කහ පාටට දිලෙයි
වෙසක් කූඩුව
ඔහුගෙ සිත වගේ
සන්සුන්ව

No comments:

Post a Comment