Friday, March 20, 2015

කාලය

දිනෙන් දින ගත වෙනවා
මාසයත් වෙනස් වෙනවා
වර්තමානය අතීතය වෙනවා
අනාගතය වර්තමානය වෙනවා

කාලය ගත වුවද
ජීවිතය එකසේ ගතවේ
අද කල දේ හෙටත් කරමි
ඊයේ කල දේමය අදත් කලේ

වෙනසක් සොයා ගියද
එය නිෂ්පල ක්‍රියාවක් විය
කාලය තව ගත වුවද
මම තවම ඉස්සර වගේමය

එහෙත් ඔබ එසේ නොවේ
එදා හිටපු ඔබ අද කොහෙද?
ටික කලකදී වෙනස් වූ තරම ගැන සිතද්දී
අනාගතය ගැන දැනෙන්නේ මහා බයකි

No comments:

Post a Comment