Thursday, October 30, 2014

ඇයට ලියූ ඒ කවිය

මේසය උඩ තිබුණ
පොත් පත්තර අස්සේ
සැඟවී සිට
අහම්බෙන් වගේ
ඔහු සොයාගත්
ඇයට ලියූ ඒ
කවිය කියවා
මුහුණට මද
සිනහවක්ද
දෑස්වලට
කඳුලුද
එකතු වුනේ
ඇය කොතරම් ඔහුට
ආදරේ කලාදැයි
මතක් කර දුන් ඒ
කවිය
කියවා දැනුන සතුටටත්
ඒ වගේ ආදරයක්
ඔහුගේම කරගන්න
ඔහු සටන් නොකර
ඇයව නැතිකරගත්තට
දැනුන දුකටය

එහෙත් අතීතයේ කල
වැරදි ගැන
පසුතැවිලි වීමෙන්
පලක් නැතයි සිතා
ඔහු ඒ කවිය
නැවත එය සැඟවී සිටි
පොත් අතරම තබා
ඇයව අමතක කරන්න
වෑයම් කලා

No comments:

Post a Comment