Wednesday, July 15, 2015

ෆේස්බුක් කිවිඳියනි

ෆේස්බුක් කිවිඳියනි
ඔබ කවි ලියයි ඒත්
හිස් වචන පමණයි
මට පේන්නේ

ෆේස්බුක් කිවිඳියනි
කැමති කට්ටිය බෙදාගනී
සීය දෙසීය කියවති
ඒත් මට නොතේරෙයි ඔබේ කවි

ෆේස්බුක් කිවිඳියනි
ඔබගේ වචන
පෝසත් වැඩිය
මගේ දුප්පත් හදවතට

ෆේස්බුක් කිවිඳියනි
ඔබ නොලියන
අපි කට්ටියට
කවි නැද්ද කියවන්නට?

No comments:

Post a Comment