Saturday, March 22, 2014

ආගම

තෙරුවන් යාමට පෙර
දෙවියන්ගේ පිහිට පතයි
යන්ඥ කිරීමට පෙර
මිනිසුන් මරයි
පන්සල පල්ලිය තුලද
වැරදි කරයි
ආගම ධර්මය නොදැන
බන කියයි
සිවුරට අපහස කරයි ඔවුන්
බොරුවට වඳිති බුදු පිළිමයට
සිත්තුල මෙත්තා මුධිතා ගුණ නැත
වෛරය තණ්හාවයි ඇත්තේ
එහෙත් බනිති අපහස කරති
ආගමක් නැතැයි කියන්නන්ට
ආගමක් නැති වුවද ඔවුන්ට
සදාචාරයක් ඇත ඒ වෙනුවට

No comments:

Post a Comment