Thursday, September 11, 2014

ආදරය යනු


ආදරය යනු කුමක්දැයි
ඇගෙන් ඇසූවිට
පිළිතුරක් නොමැතිව
අවුරුදු ගණනක්
නිශ්ශබ්දව සිටියා
එහෙත් දැන්
ඇයට දෙන්න පිළිතුරක් ඇත

ආදරය යනු
ඇය ගෙදර එනකන්
රෑවෙනකන් ඇහැරන් සිටින
ඇගේ මවට, ඇයව දුටු විට
දැනෙන සතුටයි

ආදරය යනු
ඇය කලාතුරකින් හදන
බත්වලටයි, පරිප්පුවලටයි
ලුණු, මිරිස් නැතත්
යන්තමට රොස්වී ඇතත්
බෙදාදුන් ඔක්කොම කන
තම අයියා
‘කෑම රසයි’ කීමය

ආදරය යනු
විභාග ලංවුවිට
නොතේරෙන විෂයන් ගැන
ඇය පාඩම් පොත් කියවනවිට
අසා සිටින
ඇගේ ජීවිතය ගැන
කන්තෝරුවේ සිද්දි ගැන
ඉවසිල්ලෙන් අහං ඉන්න
ඇගේ අත්තම්මාට
සමහර වෙලාවට
නින්දයන අයුරුය

No comments:

Post a Comment