Friday, March 21, 2014

සිරකරුවා

කලුවරින් නෑවී ගිය සිරකුටිය තුල 
තම ජීවිත කාලයම ගත කල යුතුය ඔහු
අවසානය ගැන සිතන විටත් කුඩා හෝ බියක්
දැනෙයි ඔහුට දුක, තනිකම සමග
නමක් ඇත ඔහුට, උපන් වේලාව බලා තෝරාගත්
එහෙත් අංකයකිනි ඔහුව හඳුන්වන්නේ
ජීවිතයේ තිබුන සැප සම්පත් අහිමිව
දඩුවම් ලබති ඔහු කල වරදකට

කුටියෙන් කුටියට ගොස් ඔහු දැන් සිටින්නේ
අවසාන කුටියේය ඔහුට සිටින්නට වන
එවිටය ජීවිතයේ අගය වැටහෙන්නේ
එවිටය බුදුන් වහන්සේගේ පිහිට පතන්නේ
සෙමින් සෙමින් ගමන් කරති ඔහු එල්ලුම් ගහ දෙසට
තම කතාවේ අවසන් කොටස ලියවෙති එවිට
ලෝකයම ඔහුගේ අඳුරු කරති එවිට නිළදාරීන්
කඹය තදවෙති ගෙල වටා හුස්ම සිරකරමින්

සමාව අයැද සිටියද ඔහු සිරගෙදරදී 
කල වරදට සමාව දිය නොහැකි වුනි නිළදාරීන්ට
සිරකරුවන්ද මනුෂ්යයන් යයි කිව්වද
හිරගෙදර සහ අපායක වෙනස දන්නේ ඔහු පමණය
ලෝකයේ මිනිසුන් සැවොම එකසේ වුවද
හොඳ හෝ නරක මිනිසුන් යැයි කිව නොහැකි වුවද
සිරකරුවන් දෙස බලන්නේ අනුකම්පාවකින් තොරය
වරදකරුවන් නිසා වෛරයකි දැනෙන්නේ

අහිංසක මිනිසුන්ද සිරගෙදර තුල
ජීවිතයම ගත කරති තම කරුමයට
වැරදි තැන සිටියහ වැරදි වෙලාවට
සිරකුටියක සිටී මිනීමරුවන් සමගම
අමතක කල නොහැකි වුවද අප හට සිදුවූ වැරදි
අප විසින්ද කවද කොතැනක හෝ සිදු වී ඇත වැරදි
ඒවාට සමාව අයදුවේ නැතිද ඔබ සැවොම
එසේම සිරකරුවාටද සමාව දිය යුතුය ඔබ මම

2 comments:

  1. තේරෙයි හොඳ නොහොඳ වැරදුන විටදී සෙමින්

    ReplyDelete
  2. නිදහස ලැබ එන ඒවුන් සම හරක්
    නැවතත් යන්නේ එතනටමනම්
    සිරකරුවන් සිරකරුවන්ම වේ නම්
    සමාව කුමක් කරන්නද ඔවුනට

    ReplyDelete